අද ඇත්තේ තමන් දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
තම මව පියා සහ තමන් එක්ව ගොඩනැඟූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වන විට නැති බවද ඇය කියා සිටියාය.
අද වන විට තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක ලෙස වුවත් උපදෙසක් නොගන්න බවත් අද පක්ෂය සම්බන්ද දෙයක් තමන් දන්නේ නැති බවත් තමනගෙන් කිසිවක් විමසන්නේ නැති බවත් ඇය සදහන් කර ඇත.
යක්කල, වීරගුල පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
(News Tube)