චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පාසල් නිල ඇඳුම් සඳහා රෙදි මීටර මිලියන 11,484 ක් මෙරටට ලැබී තිබෙන අතර එම රෙදි නිල වශයෙන් ප්රදානය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සිදු කෙරිණි.
මෙරට චීන තානාපති වී ජෙන්හොං මහතා විසින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ඊයේ එම රෙදි නිල වශයෙන් බාරදෙනු ලැබුවා. එම රෙදි ලබන 19 වැනි දින සිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත බාර දීමට නියමිතයි.
නැව් වාර තුනකින් මෙම රෙදි මෙරටට ලැබීමට නියමිතයි.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, දරුවන්ට සමානාත්මතාවෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සහ දරන රටවල් දෙක් ලෙස චීනය සහ ශ්‍රී ලංකා හඳුන්වා දිය හැකි බවයි.
මෙමගින් දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බවද ඇය කියා සිටියා. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.