නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් මහතා තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවෙයි
ශ්රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා සහ තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් අද (අගෝස්තු 31) තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශ පරිශ්රයේදී සාර්ථකව පැවැත්විණි.
ශ්රී ලංකාව (එවකට සිලෝන්) සහ නවසීලන්තය අතර ප්රථම ඓතිහාසික ක්රිකට් තරගය 1937 ඔක්තෝබර් 17 වන දින පවත්වා ඇති අතර, දෙරට අතර පැවැත්වෙන ක්රිකට් සබඳතාවයට වසර 100ක් පිරීම නිමිත්තෙන් 2027 ජනවාරි මාසයේදී නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත විශේෂ සැමරුම් ක්රිකට් තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම ඓතිහාසික තරගාවලිය නැරඹීම සහ ඊට එක්වීම සඳහා නවසීලන්ත මහකොමසාරිස්වරයා විසින් අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත නිල වශයෙන් ඇරයුම් කරන ලදී.
මීට අමතරව, මෙරට රග්බි ක්රීඩා සංවර්ධනය, තරුණ හුවමාරු වැඩසටහන් (Youth Exchange Programmes) සහ තරුණ පරපුරේ කුසලතා වර්ධනය වෙනුවෙන් නවසීලන්ත රජයේ පූර්ණ සහයෝගය ශ්රී ලංකාවට ලබාදෙන බවට මහකොමසාරිස්වරයා මෙහිදී සහතික විය.