Monday, January 12, 2026
Follow Us
මාලදිවයින් කතානායකට ශ්‍රී ලංකාවෙන් වගකීමක්

විදේශ රටවලින් ශ්‍රී ලංකාවට සහන ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීමට මාලදිවයින කථානායක මොහොමඩ් නෂීඩ් පත්කර තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

අග්‍රාමාත්‍යවරයා සහ මාලදිවයින වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් අතර සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා. ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින කථානායකවරයාට එහිදී ස්තුතිය පුද කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

(Neth)