Monday, January 12, 2026
Follow Us
මෙරට ආර්ථිකය ගැන අමෙරිකානු ආයෝජන බැංකුවකින් සුබ පණිවුඩයක්

දැනට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුද සමනය වනු ඇති බැවින් ඒ තුළින් බැඳුම්කර වටිනාකම ඉහළ යනු ඇතැයි අමෙරිකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන ජේ පී මෝගන් පවසනවා.

දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් බැඳුම්කර සම්බන්ධයෙන් දැනට පවතින අවම මට්ටම්වලින් ඉහළට ගමන් කිරීමට මඟ පාදනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා සඳහා මෙන්ම නීතිමය සහ මූල්‍ය උපදේශකයින් පත්කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ද උපකාරී වනු ඇතැයි එම බැංකුව පුරෝකතනය කරනවා.

මේ අතර ගෙවීමට ඇති විදෙස් ණය සම්බන්ධයෙන් ලබන සතියේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළා.

(Neth)