Friday, July 04, 2025
Follow Us
ඩොලර් මිලියන 417 කට ස්විට්සර්ලන්තයට දුන් කල්පිටියේ දූපතේ ඇත්ත නැත්ත හෙළි වෙයි

කල්පිටියේ උච්චමුනෙයි දූපත ස්විට්සර්ලන්තයේ පෞද්ගලික සමාගමකට බදු දීම හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 417 යි දශම 5 ක් ලැබී තිබෙනවා. මෙම දූපත බදු දී ඇත්තේ වසර 30 ක් සඳහායි. ඒ, හෝටල් ව්‍යාපෘතියක් සඳහා වනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ කල්පිටිය උච්චමුනෙයි සම්පූර්ණ දූපතම අදාළ සමාගමට බදු දී ඇති බවයි.

2020 වසරේ අග භාගයේදී ඊට අනුමැතිය ලැබී ඇති අතර ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ඉකුත් 11 වන බදාදායි. මේ සම්බන්ධයෙන් රට තුළ දැඩි කථාබහක් මතුව ඇත්තේ අග්‍රාමාත්‍යවරයෙකු හෝ ඇමති මණ්ඩලයක් නොමැති අවස්ථාවක මෙවැනි ගිවිසුමකට අත්සන් තැබුවේ කෙසේද යන කරුණ පදනම් කර ගනිමින්. ඒ අනුව ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහගෙන් විමසීමක් කළා.

එම දූපතේ ධීවර පවුල් 200 ක් පමණ සිටිනවා. එවන් වටපිටාවක ඇතැම් පාර්ශව පවසා තිබුණේ මෙම දූපත ස්විට්සර්ලන්ත ආයෝජකයෙකුට විකුණා ඇති බවයි.

(Neth)