Friday, July 04, 2025
Follow Us
ඉන්ධන - ගෑස් අඩුවට ගන්න රනිල් සාකච්ඡා අරඹයි

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ පවතින වත්මන් අර්බුදයන් සඳහා පිළියම් සෙවීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව නෙත් එෆ් එම් කණින් කොනින් වෙත වාර්තා වනවා.

අග්‍රාමාත්‍යවරයා චීනය, රුසියාව, ජපානය සහ අමෙරිකාව වැනි රටවල්වල රාජ තාන්ත්‍රික නියෝජිතයින් සමග පසුගිය දින කිහිපයේදී සාකච්ජා කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාවට ණය වශයෙන් නොව ප්‍රදාන වශයෙන් ලබා ගත හැකි සහයන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්ධන සහ ගෑස් අඩුවට ගැනීම් සම්බන්ධයෙන් ද නව අග්‍රාමාත්‍යවරයා සාකච්ජා කොට ඇත.

(Neth)