ලංකාවට ආධාර කරන්න IMF දිරිමත් කරන බව ඇමරිකාව කියයි
ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත්වීම රටේ පවතින අර්බුදය විසඳීමේ සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ පළමු පියවර බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙරට එකසත ජනපද තානාපතිනි ජුලී චුන්ග් සඳහන් කර ඇත්තේ නව අගමැතිවරයා සමග ඉදිරියේදී සමීපව කටයුතු කිරමට බලාපොරොත්තු වන බවයි. එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.
“එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කිරීමට අපේක්ෂා කරමු. ඔහු අගමැතිවරයා ලෙස පත් කිරීම සහ සියලු පාර්ශ්ව ඇතුළත් ආණ්ඩුවක් ඉක්මනින් පිහිටුවීම, අර්බුදය විසඳීමේ සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ පළමු පියවරයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන සමග අර්ථවත් ප්‍රගතියක් ලබාගැනීමට සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලන දිගු කාලීන විසඳුම් වෙනුවෙන් අපි දිරිමත් කරමු.”
(Aruna)