Monday, January 12, 2026
Follow Us
ඉන්දියාවේ හමුදාව ලංකාවට ?

ඉන්දීය ප්‍රබලයෙකු කියපු දේ


ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කරමින් වැඩිදුරටත් කියා ඇත්තේ,

”නීතියේ ආදිපත්‍ය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඉන්දියාව ශ‍්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යැවිය යුතුය. මේ වන විට ඉන්දීය විරෝධී විදේශ බලවේග ජනතා කෝපයෙන් ප්‍රයෝජන ගනිමින් සිටී. මෙය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපායි,,
යනුවෙනි.

(Aruna)