Wednesday, September 17, 2025
Follow Us
“දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයින්ට හිමි ඉහළම ගෞරව සම්මානය” හිටපු කථානායකවරයාට

“දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයින්ට හිමි ඉහළම ගෞරව සම්මානය” හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරිනමා තිබෙනවා.

ඒ, ”එක්සත් ජාතීන්ගේ තිරසාර විහිදුම් ඉලක්ක ක්‍රියාකාරී දශකය” යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෙබවීමෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව ඇගයීම සඳහා සහ සන්ෆෝ ග්ලෝබල් ෆෙඩරේෂන් හි ගෞරවනීය අනුශාසක ලෙස කටයුතු කිරීම වෙනුවෙන්.

”ජනතාවට සාමය, සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවූ නිර්භීත ජනතා නායකයෙකු” ලෙස ඔහුට එම ජාත්‍යන්තර ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා. එම ජාත්‍යන්තර සම්මානය පිරිනැමීම කොළඹදී ඊයේ සිදු කෙරුණා.

(Neth)