Monday, January 12, 2026
Follow Us
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100 ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රදානයක් සිදුකිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ප්‍රතිපත්තිමය වශයෙන් සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

පත්ව ඇති අර්බුදයෙන් ගොඩඒම සදහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහතික වී ඇති බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ. මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.

මේ අතර මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේදී ඉකුත්දා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සතු විදෙස් සංචිත ප්‍රමාණය මිලියන 50 කටත් අඩු බවයි.

(Neth)