Thursday, July 03, 2025
Follow Us
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් සාකච්ජා වටයක් අද සිට

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ මෙරටට


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ මෙරට නියොජිතයින් අතර තවත් සාකච්ජාවක් අද (09)ආරම්භ වේ.

එය ලබන 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන එම සාකච්ජා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, හදිසි මූල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සිදු කල ඉල්ලිම පිලිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමු කිරිමට අපේක්ෂා කරන බවයි.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ මෙරටට පැමිණිමට නියමිතව ඇත.

ඒ, මෙරට ආර්ථික තත්ත්වය සම්බන්යෙන් සාකච්ජා කිරීමේ අරමුණින් බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

(Aruna)