Monday, January 12, 2026
Follow Us
තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ශ්‍රී ලංකාවට දෙයි

තමිල්නාඩු මන්ත්‍රීවරු ගත් හදිසි තීරණය


තමිල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් ඩී.එම්.කේ පක්ෂයේ නායකයා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඩී.එම්.කේ පක්ෂයේ ලොක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් තම මසක වැටුප තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් පිහිටුවා ඇති මහජන සහන අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවට ඩී.එම්.කේ පක්ෂය නිවේදනය කර ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩී.එම්.කේ පක්ෂය රුපියල් කෝටියක මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කරන බව සඳුදා දින නිවේදනය කළේය.

(Aruna)