Monday, January 12, 2026
Follow Us
විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ කනස්සල්ල

පාර්ලිමේන්තු සංකීර්ණය අසල සාමකාමී විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව සිය කනස්සල්ල පළකර තිබෙනවා.

මෙරට ඇමරිකානු තානාපති ජූලි චංග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ විරෝධතාවය ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් බවයි. එනිසා රටේ කුමන පුරවැසියෙකුට වුවද අත්අඩංගුවට පත්වීමේ භීතියෙන් තොරව සාමකාමී ලෙස විරෝධතාවය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවත්, එම අයිතිය ආරක්ෂා කිරීම පාලකයන්ගේ වගකීමක් බවත් තානාපතිනිය අවධාරණය කරනවා.

ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන ඇමරිකාව, සාමකාමී විරෝධතාකරුවන්ට සිය සහයෝගය ලබාදෙන බවද ජූලි චංග් මහත්මිය සඳහන් කරයි.

(LNW)