දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහනාධාර ලබාදීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා ප්‍රාන්ත සභාවට පසුගියදා යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා අනුමැතිය හිමිව තිබිණි.
මේ අතර මෙම යෝජනාව සඳහා ඉන්දීය මධ්‍යම රජයේ අනුමැතියද හිමිව තිබෙනවා. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ, තමිල්නාඩු මහ ඇමතිවරයාගේ ඉල්ලීමකට අනුව අදාල සහනාධාර පිළිබඳව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් උපදෙස් ලබා ගත් බවයි.
අසල්වැසි ශ්‍රී ලංකාවට සහන ලබාදීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය ගත් තීරණය ඉතා හොඳ තීරණයක් බවත්, මෙම තීරණයට අනුව සහනාධාර සපයන්නේ මධ්‍යම රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහනාධාරවලට අතිරේකව බවත් ජයිශංකර් මහතා සඳහන් කරනවා.
ප්‍රාන්ත සභාවට ඉදිරිපත් කළ යෝජනාව අනුව මෙරට ජනතාවට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සැපයෙනු ඇත.
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා රජයේ කැමැත්ත අනුව අදාල සහනාධාර බෙදාහැරිය හැකි බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසනවා.
(LNW)