Saturday, July 05, 2025
Follow Us
යුක්රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් රුසියානු ප්‍රහාර අඛණ්ඩව

යුක්රේනයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර රුසියාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඔඩෙසා නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකට රුසියාව එලෙස මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. ප්‍රහාරයෙන් මහල් නිවාස සංකීර්ණයේ සිටි පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇතැයි යුක්රේන බලධාරීන් තහවුරු කළා.

මියගිය පිරිස අතරට මවක් සහ ඇයගේ මාස 03 ක් හැවිරිදි බිළිඳු දියණිය ද වන බවයි යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පැවසුවේ.

අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර වලට රුසියාවට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව ද යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළා.

(Neth)