Saturday, July 05, 2025
Follow Us
මිලානෝ නුවර කොන්සල් ජනරාල් ධූරය බන්දු සමරසිංහට

ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොනසල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ පත්කර ඇතැයි වාර්තා වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත් කිරීම සිදුකර ඇති බව ද වාර්තා වුණා

.

මීට පෙර මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ නම් කෙරුණා. එහෙත් තමන්ට එම ධූරය භාරගත නොහැකි බවයි ඔහු පවසා තිබුණේ.

මීට පෙර ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස ප්‍රවීන ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය පත් කෙරුණා. ඇය එම ධූරය භාරගත් අතර පසුව හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගියේ මිලානෝ නුවරදීයි.

(Neth)