Thursday, July 16, 2026
Follow Us
ටෙස්ලා නිර්මාතෘ ලොව සුප්‍රසිද්ධ සමාගමක් මිලට ගැනීමේ සූදානමක්

ට්විටර් සමාගමට සිදුවන්න යන දේ


ලොව අංක එකේ බිලියනපතියෙකු වන ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් විසින් ට්විටර් සමාගමේ සියලු කොටස් මිලදී ගැනීමට සූදානම් වේ.

එක් කොටසක් ඩොලර් 54 ක් මුදලකට තක්සේරු කර ඩොලර් බිලියන 40 ක සමස්ත වටිනාකමකට ට්විටර් සමාජ ජාලය මිළදී ගැනීමටයි ඔහු සැළසුම් කර ඇත.

ඉලොන් මස්ක් දැනටමත් ට්විටර් හි ප්‍රධාන කොටස් හිමිකරුවෙකු වේ.

කිසියම් අයුරකින් තමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුවහොත් ට්විටර් කොටස් හිමිකාරීත්වයෙන් ඉවත්වීමට සිදුවන බව ඉලොන් මස්ක් අවධාරණය කර ඇත.

(Aruna)