Tuesday, January 13, 2026
Follow Us
නව අගමැතිවරයෙක් පත් වෙයි

පාර්ලිමේන්තුව විසින් තෝරාගත් නායකයා


පාකිස්තානයේ නව අගමැතිවරයාව එරට පාර්ලිමේන්තුව විසින් තෝරාගෙන තිබේ.

ඒ අනුව එරට නව අගමැතිවරයා ලෙස විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් ඡන්ද විමසීමකින් තොරව තෝරාපත්කර ගැනීමට එරට පාර්ලිමේන්තු නියෝජිතයින් තීරණය කර තිබේ.

ෂෙබාස් ෂරීෆ් එරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන නවාස් ෂරීෆ්ගේ සොහොයුරාද වෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඔහු අද රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බවය.

පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන්ට එරෙහිව පසුගියදා විශ්වාසභංගය යෝජනාවක් ගෙන ආ අතර සෙනසුරාද (09) පාර්ලිමේන්තුවේ පැවති එහි ඡන්ද විමසීමෙන් ඉම්රාන් පරාජයට පත්විණි.

ඒ අනුව, ඔහුට එම තනතුර හැරදා යෑමට සිදුවිය.

(Aruna)