Saturday, July 05, 2025
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

ක්‍රිස් සිල්වර්වුඩ්ට ලැබුන අභියෝගය


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ වසර දෙකක කාලයක් සඳහා ඔහු එම ධූරයෙහි කටයුතු කරන බවයි.

නව ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය බවට බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරය පත්වනු ඇත.

ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 6 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 7 කට ක්‍රීඩා කර ඇත.

(Aruna)