Sunday, July 06, 2025
Follow Us
මර්දන නීති පැනවීම ගැන ජාත්‍යන්තරයෙන් දැඩි කනස්සල්ල

හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවා ජනතාව මර්දනය කිරීම සම්බන්ධයෙන් මෙරට රජයට ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

යුරෝපා සංගමය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ නිදහස්ව රැස්වීමේ අයිතිය, විසම්මුතිය ඇතුළු පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම පාලකයන්ගේ වගකීමක් බවයි. එම වගකීම ආරක්ෂා කරන ලෙස යුරෝපා සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක්ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි.

(LNW)