Sunday, July 06, 2025
Follow Us
ඉන්දියන් හමුදාව යොදවන බවට පළවන පුවත් අසත්‍යයි! – ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාව තුළ යෙදවීම පිළිබඳව පළවන මාධ්‍ය පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරයි.

ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාව තුළ යොදවන බවට ඇතැම් මාධ්‍ය පළකරන වාර්තා ‘සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ පදනම් විරහිත’ බව පෙන්වා දෙන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙවැනි වගකීම් විරහිත මාධ්‍ය වාර්තාකරණය හෙළා දකින අතර, මෙවන් කටකතා පැතිරවීමෙන් වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

(LNW)