Tuesday, January 13, 2026
Follow Us
අයි පී එල් තරඟාවලියේ වැඩිම කඩුළු ලාභියා වනිදු

ලකුණු 20ක් පමණක් ලබාදී කඩුලු 4ක්


අයි.පී.එල්. තරගාවලියේ ඊයේ පැවති තරඟයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා කඩුළු 3ක ජයක් ලැබීමට රෝයල්ස් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා ක්‍රීඩකයින් පන්දු වාර 18යි පන්දු 5ක් තුළ දී සියළු දෙනා දැවී ලකුණු 128ක් රැස් කළා.

එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග සිය පන්දු වාර 4 තුළ දී ලකුණු 20ක් පමණක් ලබාදී කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

මේ වනවිට අයි පී එල් තරඟාවලියේ වැඩිම කඩුළු ලාභියා වෙමින් වනිදු හසරංග තරඟ දෙකක දී ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 5ක්.

(Aruna)