Tuesday, January 13, 2026
Follow Us
බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අද

මේ දිනවල බිම්ස්ටෙක් සංවිධානයේ පස්වැනි සමුළුව මෙරටදී පැවැත්වෙනවා. එහි රාජ්‍ය නායක සමුළුව අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය යන රටවල රාජ්‍ය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ සඳහා එක්වීමට නියමිතය. මියන්මාරය වෙනුවෙන් සමුළුවට සහභාගි වන්නේ එරට විදේශ අමාත්‍යවරයායි.

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය වන බිම්ස්ටෙක් සංවිධානයේ ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට නියමිත අතර මීට අමතරව නීතිමය ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට යෝජිත වේ.

(LNW)