Tuesday, January 13, 2026
Follow Us
බොරතෙල් මිල පහළට

ෂැංහයි නුවර වසා දැමීමෙන් උද්ගත වූ තත්ත්වය


ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.

වසර දෙකක කාලයකට පසු චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ඒ අනුව අද දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.92ක අගයක් ගත් අතර අමෙරිකාවේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.38ක අගයක් ගනු ලැබීය.

මෙම මිල ගණන් අඩුවීම හේතුවෙන් බොරතෙල් වෙළඳපොළෙහි යම් පාඩුවක් සිදුවනු ඇති බව ද විදෙස් වාර්තා සදහන් කළේය.

(Aruna)