Monday, May 13, 2024
Follow Us
හදිසියේ ම නගරයක් වසා දැමෙයි

අද නිකුත් වූ නිවේදනය


චීනය සිය විශාලතම නගරය වන ෂැංහයි නගරය අගුළු දමන බව (28) නිවේදනය කළා.

නව ආසාදන රැල්ලක් ඇතිවීම වළක්වාගැනීම සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කරන අතරතුර මෙලෙස දින 9 ක කාලයක් ෂැංහයි නගරය වසා දමන බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ෂැංහයි නගරයේ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් පසුගිය සෙනසුරාදා වාර්තාවූ අතර, නාගරික බලධාරීන් විසින් අගුලු දැමීම් සම්බන්ධයෙන් වන උපදෙස් වී චැට් සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මිලියන 24කට අධික ලොව වැඩිම ජනගහණයක් සිටින නගරය වන ෂැංහයි චීනයේ විශාලතම මූල්‍ය කේන්ද්‍රස්ථානය ලෙසයි සැළකෙන්නේ.

(Aruna)