Monday, May 13, 2024
Follow Us
ධීවර කටයුතු පිළිබඳ පස්වන ඒකාබද්ධ කාර්ය කණ්ඩායම් හමුව පැවැත්වේ

ධීවර කටයුතු පිළිබඳ ඉන්දු – ශ්‍රී ලංකා පස්වන ඒකාබද්ධ කාර්ය කණ්ඩායම් හමුව 2022 මාර්තු 25 වන දින අතත්‍ය ආකාරයෙන් පැවැත්විණ. ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. අයි. රත්නායක මහත්මිය විසින් දරන ලද අතර ඉන්දීය කණ්ඩායම ධීවර ලේකම් ශ්‍රී ජතීන්ද්‍ර නාත් ස්වේන් මහතාගේ සහභාගීත්වය යටතේ සහභාගී විය. 2020 දෙසැම්බර් මාසයේදී පැවති ඒකාබද්ධ කාර්ය කණ්ඩායම් හමුවෙන් පසු තත්ත්වය, සිදුවීම් සහ ප්‍රගතිය දෙපාර්ශවය විසින් සමාලෝචනය කරන ලදී.

2. ධීවර බෝට්ටු පාලනය කිරීමේදී සිදුවන අනතුරු සහ හානි වැළැක්වීම සඳහා වඩා සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස අදාළ ශ්‍රී ලාංකික බලධාරීන්ගෙන් ඉන්දීය පාර්ශවය විසින් ඉල්ලා සිටින ලදී. සිවිල් ධීවරයන් අත්අඩංගුවට ගැනීමේදී පැරාමිලිටරි කණ්ඩායම් යොදා ගන්නා ලෙස ඉන්දීය පාර්ශය විසින් යෝජනා කරන ලදී. සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ වගන්ති ධීවර හිතකාමී බව පෙන්වා දුන් ඉන්දීය රජය ධීවර ගැටළුව මානුෂීය ප්‍රවේශයක් මත පදනම්ව නිරාකරණය කරගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

3. දෙරටෙහිම ධීවරයන්ගේ සුබ සිද්ධිය, ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් දෙරට රජයන් දක්වන ඉහළම ප්‍රමුඛත්වය දෙපාර්ශවය විසින්ම අවධාරණය කරන ලදී. බලය භාවිතා කිරීම කිසිදු තත්ත්වයක් යටතේ සාධාරණීකරණය කළ නොහැකි බවට ද දෙපාර්ශවය විසින් එකඟ වන ලද අතර මෙහිදී සියලු ධීවරයක් සඳහා මානුෂීය ආකාරයෙන් සැලකීමේ වැදගත්කම ද අවධාරණය කරන ලදී.

4. පෝක් සමුද්‍ර සන්ධියේ සහ මන්නාරම ආශ්‍රිත සාගරයේ ධීවර කටයුතු පිළිබඳ ගැටළු නිරාකරණය කරගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක ද්විපාර්ශවික සහයෝගීතාවය දෙපාර්ශවය විසින් සමාලෝචනය කරන ලදී. ඒකාබද්ධ නාවික මුර සංචාර සහ දෙරට වෙරළාරක්ෂක බලකායන් අතර ක්ෂණික දුරකථන ඇමතුම් ඇතුළු ක්‍රියාමාර්ග හරහා ආරක්ෂිත සහ තිරසාර අයුරින් ධීවර කටයුතු පවත්වාගෙන යාම සඳහා දෙරට රජයන් විසින් ගන්නා ප්‍රයත්නයන් දෙපාර්ශවයේ ප්‍රශංසාවට ලක් විය.

5. ධීවර යාත්‍රා විසින් භාවිතා කරන ක්‍රම පිළිබඳව ගැටළු පවතින බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජීවනෝපාය මාර්ගයන් අහිමිවීම අවම කිරීම සඳහා දෙරට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. මෙයට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ ඉන්දීය කණ්ඩායම මේ වෙනුවෙන් සහය ලබා දෙන බවට සහතික විය.

6. සාගර පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර විස්තර කළ ඉන්දීය කණ්ඩායම ධීවර පිළිවෙළ ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව පැහැදිලි කළේය. ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති ප්‍රධාන මුහුදු මාර්ගයන් හි වෙරළාරක්ෂක යාත්‍රාවන් යෙදවීම, පරිසරයට හානිකර ධීවර මෙහෙයුම් පිළිබඳ දැනුවත් කිරීම, long liners ධීවර ක්‍රමයට මාරු වීම සඳහා ඉන්දීය ධීවරයන්ට අවශ්‍ය අධ්‍යාපනය, මූල්‍ය සහය සහ මඟ පෙන්වීම ලබා දීම යනාදිය මෙම පියවරවලට ඇතුළත් වේ. ධීවරයන්ගේ සුබසිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන උනන්දුව පිළිඹිබු කරමින් පෙර අවස්ථාවකදී ශ්‍රී ලංකා ධීවර පවුල් වෙත වියළි ආහාර ද බෙදා දෙන ලදී.

7. කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද පස්වන කාර්ය කණ්ඩායම් හමුව පවත්වමින් සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති බව මෙහිදී ප්‍රශංසනාත්මකව ප්‍රකාශ කරන ලදී. එසේම, මෙම කණ්ඩායම් හමු ධීවර කටයුතු පිළිබඳ තත්ත්වය ඉහළ නැංවිය හැකි ක්‍රම පිළිබඳ සාකච්ඡා කිරීමට සහ දෙරට අතර ඒකාබද්ධ පර්යේෂණ ධීවර සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වැදගත් සන්නිවේදන මාධ්‍යයක් ලෙස තවදුරටත් ප්‍රයෝජනයට ගැනීමට ද එකඟ වන ලදී.

****

කොළඹ

2022 මාර්තු 26