Tuesday, January 13, 2026
Follow Us
බිම්ස්ටෙක් සමුළුව අද සිට තෙදිනක් කොළඹදී

රටවල් රැසක නිලධාරීන් දිවයිනට


බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) පස්වැනි සමුළුව අද දින සිට තෙදිනක් පුරා කොළඹදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙවර පැවැත්වීමට නියමිත මෙම සමුළුවට බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරු සහභාගී වන අතර මියන්මාර විදේශ අමාත්‍යවරයා අතථ්‍ය ලෙස ඊට සහභාගී වනු ඇත.

බිම්ස්ටෙක් සමුළුවේ අවසන් දිනය වන 30 වැනිදා මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමුළුවේ මුලසුන හෙබවීමට නියමිතය.
මෙම සමුළුවේ දී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂා කෙරේ.

(Aruna)