Monday, July 07, 2025
Follow Us
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලබන 28 වැනිදා දිවයිනට

දෙදින නිල සංචාරයක් සදහා ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් ශ්‍රී ලංකාවට


ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

ඒ දෙදින නිල සංචාරයක් සදහායි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර බිම්ස්ටෙක් අමාත්‍ය මට්ටමේ හමුවීමට සහභාගී වීමට නියමිතයි.
එම හමුව මාර්තු මස 29 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර ඉන්දීය විදේශ අමාත්‍යවරයා මාර්තු මස 26 සහ 27 දෙදින මාලදිවයිනේ සංචාරය කිරීමට නියමිතයි.

(Aruna)