Tuesday, January 13, 2026
Follow Us
යුක්‍රේනයට ගිය රුසියානු හමුදාවේ බල බිඳෙයි

රුසියාව විසින් අත්පත් කරගනු ලැබූ ඇතැම් නගර යුක්‍රේ්‍රන හමුදා යළි අත්පත් කරගනිමින් ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. එහි ආසන්නතම සිද්ධිය ලෙස කිව් අගනුවරට ආසන්න මකාරිව් නගරය යළි සියතට ගැනීමටයි යුක්‍රේන හමුදා සමත්වී ඇත්තේ.

යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ සිය හමුදා ප්‍රහාර හමුවේ රුසියානු හමුදා පසුබසිමින් ඇති බවයි. රුසියානු හමුදා ආක්‍රමණයේ වේගය අඩාලවී ඇති බවද ඔහු පවසා තිබෙනවා. කෙසේවෙතත් රුසියාව ඒ සම්බන්ධයෙන් කිසිදු නිළ ප්‍රකාශයක් සිදුකර නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාසයකට ආසන්න කාලයක් දක්වා දික්ගැස්සී ඇති මෙම අර්බුදය හේතුවෙන් යුක්‍රේන වැසියන් ලක්ෂ 10 කට සිය නිවාස අහිමිවී ඇති බවයි. ඔවුන් රුමේනියාව, මෝල්ඩෝව, හංගේරියාව හා ස්ලෝවැකියාව යන රටවලට පළාගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පැවසුවේ.

(Neth)