Thursday, May 09, 2024
Follow Us
ඉන්දීය ආධාර යටතේ ඩීසල් නෞකාවක් අද මෙරට මුහුදු සීමාවට

ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද පස්වරුවේ මෙරටට ලගාවීමට නියමිතව තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය මෙයයි. මීට පෙර ඉන්දීය ණය ආධාර යටතේ ගුවන්යානා ඉන්ධන තොගයක් මෙරටට රැගෙන එනු ලැබුවා.

මේ අතර පසුගිය 14වනදා සිට කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන රැගත් නොකාවට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් 90,000ක පමණ මුදලක් ගෙවීමට මේ වනවිට සිදුව තිබෙනවා. ඒ දිනකට ඩොලර් 18,000ක් බැගින්.

අදාළ ගෙවීම් හැකි ඉක්මනින් සිදුකර නෞකාවේ ඉන්ධන තොග නිදහස්කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයට සහ මහ බැංකුවේ නිලධාරීන්ට ඉකුත්දා උපදෙස් ලබාදී තිබෙනවා. එම නෞකාවේ ඉන්ධන තොගය සදහා ගෙවිය යුතු වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 42 ක පමණ මුදලක්.

කෙසේවෙතත් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් නෞකාවට අමතර ගෙවීමක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 14 ක මුදලක් ගෙවිය යුතු බවයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ. ඩීසල් මෙට්ට්‍රික් ටොන් 20,000 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 20,000 ක් එම නෞකාවේ පවතිනවා.

(Neth)