Tuesday, January 13, 2026
Follow Us
ඛනිජ තෙල් මිල යළි ඉහළට

තෙල් බැරලයක මිලද ඩොලර් 104 ක්


යුක්රේනයේ සටන් විරාමයක් පිළිබඳ බලාපොරොත්තු වියැකී යද්දී ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල නැවතත් සියයට 10කින් පමණ ඉහළ යෑමක් ඊයේ දක්නට ලැබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.55කින් ඉහළ ගිය අතර, එම තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 107කට ආසන්නවයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 104 දක්වා ඉහළ ගියේ ඩොලර් අටකට වැඩි මිල වැඩිවීමක් සමඟයි.

(Aruna)