Tuesday, January 13, 2026
Follow Us
බැසිල් යළි ශ්‍රී ලංකාවට

ඉන්දීය රජය වෙතින් ලැබුණු ඩොලර්


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය දෙදින නිල සංචාරය නිමා කර 03/18 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම සංචාරය අතරතුර දී ඉන්දීය රජය වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් අනුමත කරවා ගැනීමට කටයුතු කර තිබුණා.

මෙම සංචාරය සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ අමාත්‍යවරයාගේ බිරිඳ ද එක් වී සිටියා.

ඔවුන් 03/18 දින පස්වරු 01.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉකුත් 03/15 දින පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

(Aruna)