Friday, May 10, 2024
Follow Us
රුසියානු - යුක්‍රේන සාමය වෙනුවෙන් නව යෝජනාවලියක්

රුසියාව සහ යුක්‍රේනය අර්ථාන්විත සාම ක්‍රියාවලියක් සදහා ඒකාබද්ධ යෝජනාවලියක් සකස් කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඒ සදහා දෙපාර්ශවය විසින් කරුණු 15 කින් සමන්විත තාවකාලික යෝජනාවලියක් සකස් කර ඇති බවයි. එයට යුක්‍රේනය සහ රුසියාව අතර සාම ක්‍රියාවලියක් ආරම්භ කිරීම මෙන්ම රුසියානු හමුදාව යුක්‍රේනයේ කිව් අගනුවරින් පිටව යාම ද ඇතුලත්.

නමුත් එලෙස රුසියානු හමුදාව කිව් අගනුවරින් පිටව යාමට නම් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට යුක්‍රේනය සහතික විය යුතු අතර සිය හමුදාවන් සීමා කරන බවට ද පොරොන්දු විය යුතුය යන්න එම යෝජනාවලියට ඇතුලත්.

එමෙන්ම නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දැරීම සම්බන්ධයෙන් වන අපේක්ෂාවන් අත්හැරීම සහ විදෙස් හමුදා කදවුරු වෙනුවෙන් දායකත්වය නොදැරීම සම්බන්ධයෙන් ද යුක්‍රේනය සහතික විය යුතු බවයි රුසියාව අවධාරණය කර ඇත්තේ. එහෙත් අමෙරිකාව, බි්‍රතාන්‍ය හා තුර්කිය වැනි මිත්‍රශීලී පාර්ශ්ව සමග සබඳතා පවත්වා ගැනීමට යුක්‍රේනයට රුසියාවෙන් අවසර හිමිවනු ඇති.

කෙසේවෙතත් මෙම තාවකාලික සාම යෝජනාවලිය සදහා දෙපාර්ශවය අවසන් එකගතාවකට එලඹ ඇති ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.කෙසේවෙතත් යුක්‍රේනය සැක පළ කරන්නේ මෙම සාම යෝජනාවලිය ඉත්තෙකු සේ භාවිතා කරමින් සිය හමුදාවන් යලි සන්නද්ධ කර ගැනීම සදහා රුසියාව සැලසුම් සකස් කර ඇති ද් යන්න අවිනිශ්චිත බවයි.

එහෙත් රුසියාව පවසන්නේ යුක්‍රේනය සමග ඵලදායී සාම ක්‍රියාවලියකට එලඹිම අසීරු සහ දුෂ්කර කාර්‍යයක් බවයි.

(Neth)