Sunday, April 28, 2024
Follow Us
යුරෝපා සංගමයෙන් රුසියාවට දැඩි සම්බාධක පනවයි

යුක්‍රේනයට එරෙහිව යුධ වැද සිටින රුසියාව ඉලක්ක කර ගනිමින් යුරෝපා සංගමය අද දැඩි සම්බාධක පැනවුවා. එහි ඉලක්කය රුසියානුවන් 600 කට අධිකයි. ඒ අනුව සුඛෝපභෝගී භාණ්ඩ අපනයනය මෙන්ම රුසියාවේ බලශක්ති අංශයේ ආයෝජන ද නව සම්බාධකවල ඉලක්ක වනු ඇති.

මිල අධික මෝටර් රථ හා ස්වර්ණාභරණ රුසියාවට අපනයනය තහනම් වනවා. රුසියානු වානේ නිෂ්පාදන ආනයනය කිරීම ද තහනම්.

රුසියානු බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන ද සීමා කර තිබෙනවා. එය යුරෝපීය සංගමය ඉතිහාසයේ මෙතෙක් සම්මත කරගත් වේගවත්ම සහ ශක්තිමත්ම සම්බාධක පැකේජය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජපානය ද රුසියානු ජාතිකයින් 17 දෙනෙකුට අධික පිරිසකගේ වත්කම් අත්හිටුවීමට අද තීරණය කළා.

මෙම සියලු තීරණ ගනිද්දී පවා රුසියාව තවදුරටත් යුක්‍රේනයට පහරදෙමින් සිටිනවා.

(Neth)