Tuesday, July 08, 2025
Follow Us
යුක්‍රේනයට ගිනි තැබූ රුසියාවෙන්, ඉන්දියාව වාසි ගනී

යුක්‍රේන - රුසියා යුද්ධය තවදුරටත් ඇවිලෙමින් තිබියදී ඉන්දියාව - රුසියාවෙන් සහන මිලට ඉන්ධන ලබාගැනීමට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය අද තොරතුරු වාර්තා කළා. අඩු මිලට බොරතෙල් සහ සෙසු භාණ්ඩ සහන මිලට ලබාදීමට යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රුසියාවයි.

ඒ අනුව රුසියානු යෝජනාව භාර ගැනීම ඉන්දියාව විසින් සලකා බලමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියාව මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ බටහිරින් එල්ලවන දැඩි සම්බාධක මධ්‍යයේයි.

සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් ඉන්දියාව සියයට 80 ක් ආනයනය කරන අතර රුසියාවෙන් ලබාගන්නේ සියයට 02 ත් 03 ත් අතර ප්‍රමාණයක්. කෙසේවෙතත් ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ඉන්දිය රජය බලශක්ති වියදම අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

යුක්‍රේන රුසියා අර්බුදය තවමත් විසදුමක් නොපෙනී ඉදිරියට ඇදෙමින් පවතිනවා. දෙපාර්ශවයේ නියෝජිතයින් තවත් සාකච්ඡා වටකට සූදානම් වුවත් යුක්‍රේනයට එල්ල කරන රුසියානු ප්‍රහාර මේ වන තෙක් නතරවී නැහැ.

(Neth)