Sunday, April 28, 2024
Follow Us
ලංකාවේ සංචාරයේ දී සැලකිලිමත් වන්න

බ්‍රිතාන්‍යය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්


ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී දැනට ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙස එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් හට නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දීමක් සිදුකර තිබේ.

ආනයන සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් නිර්මාණය වීම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බව එක්සත් රාජධානිය සිය පුරවැසියන් දැනුවත් කර තිබේ.

මේ හේතුවෙන් සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසි ආදියෙහි දිගු පෝලිම් තිබිය හැකි බවත් රට තුළ මේ වන විට විදුලි කප්පාදු කිරීම් ක්‍රියාත්මක බවත් අදාළ සංචාරක උපදේශනයේ (travel advisory) සඳහන් වේ.

“The economic situation is deteriorating in Sri Lanka with shortages of basic necessities including medicines, fuel and food because of a shortage of hard currency to pay for imports. There may be long queues at grocery stores, gas stations, and pharmacies. Local authorities may impose the rationing of electricity, resulting in power outages….”

(Aruna)