Tuesday, January 13, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුරැකීමේ පුහුණුකරු මෙන්න


එංගලන්ත නොටිංහැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස සේවය කළ ඇන්ටන් රූව් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වී ඇති බව වාර්තා වෙයි.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුරැකීමේ පුහුණුකරු ලෙස පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

“ශ්‍රී ලංකාවෙන් ලැබෙන අවස්ථාව සුවිශේෂ අභියෝගයක්. එසේම මට සහ මගේ පවුලේ සාමාජිකයින්ට නව අත්දැකීමක් ලැබීමට එය අවස්ථාවක්.”

“සෑම ක්‍රීඩකයෙක් වගේම පුහුණුකරුවෙක්ටම ඉහළම තලයේ යමක් කරන්න සිහිනයක් තිබෙනවා. මට ශ්‍රී ලංකාව වගේ කණ්ඩායමකට සේවය කරන්න අවස්ථාව ලැබීම විශේෂයි. එය ඉටු කිරීමට මම නොඉවසිල්ලෙන් ඉන්නේ.”

40 හැවිරිදි ඇන්ටන් රූව් දකුණු අප්‍රිකාවේ පළමුපෙළ ක්‍රිකට් තරග සඳහා සහභාගී වී තිබේ.

(Aruna)