Tuesday, July 08, 2025
Follow Us
මුදල් ඇමති නැවතත් ඉන්දීය සංචාරයකට සුදානම් වෙයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වනවා. ඒ, මාර්තු මස අග භාගයේදීයි. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සමග පැවති දුරකතන සංවාදයකින් පසු මෙම තීරණයට එළඹ ඇති බවටයි වාර්තා වන්නේ.

හැකි සෑම අවස්ථාවකදීම ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහතික වී ඇතැයි, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මීට පෙරද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක නිරත වුණා. ආහාර සහ ඖෂධ වෙනුවෙන් ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබාදීමට තීරණය කෙරෙැනේද එහි ප්‍රථිපලයක් ලෙසයි.

(Neth)