Tuesday, January 13, 2026
Follow Us
කාදිනල් හිමි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන පරීක්ෂණවල අපක්ෂපාතීත්වය තහවුරු කිරීම සදහා නිසි ක්‍රමවේදයක් සකසා දෙන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටලින් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

මෙම ප්‍රහාරය පිළිබද මුල් කාලයේදී අවධානය යොමු කිරීමේදී පෙනීගියේ එය ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කල ප්‍රහාරයක් බව වුවත් පසුකාලීනව මෙය ඉතා සූක්ෂමව සිදුවූ මහා දේශපාලන කුමණ්ත්‍රනයක කොටසක් බව පෙනීගිය බව උන්වහන්සේ පවසා ඇත.

එහි සත්‍ය හෙළිදරව් කරන ලෙසට සිවිල් සංවිධාන ඉල්ලා සිටින නමුත් වත්මන් රජය එම ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමට අසමත්ව සිටින බවයි කාදිනල් හිමියන් අවධාරණය කළේ.

(LNW)