Tuesday, January 13, 2026
Follow Us
ලොවම ආදරය කරන සුපිරි දගපන්දු යවන්න හදිසියේ මියයයි

හෘදයාබාධයකින් මියගිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා


ලොව වැඩි ම ටෙස්ට් ක්‍රිකට් කඩුලු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවන ෂේන් වෝන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ මිය යන විට ඔහු 52 වන වියේ පසු වූ බවයි.

වෝන් ඔහු තායිලන්තයේදී ඇති වූ හෘදයාබාධයකින් මිය ගිය බවට සැක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාදඟ පන්දු යවන්නෙකු ලෙස ටෙස්ට් තරග 145කට සහභාගි වී ඇති ෂේන් වෝන් කඩුලු 708ක් බිඳ හෙළා තිබේ.

වැඩි ම ටෙස්ට් කඩුලු ලාභීන් අතර ඔහු දෙවැනි වන්නේ මුත්තයියා මුරලිදරන්ට පමණි.