Tuesday, January 13, 2026
Follow Us
චීනය, ශ්‍රී ලංකාවට යළි ණය ලබා නොදීමේ සූදානමක්

ශ්‍රී ලංකාවට නැවත ණය නොදීමේ තීරණයක් ගැනීමට චීනය සුදානම් වෙමින් පවතින බව වාර්තා වනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සහ පොහොර නැව සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීම් හේතුවෙන් චීනය මෙම තීරණය ගෙන ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයේ රාජතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් හමුවූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට සඳහන් කර සිටියේ.

චීනය විසින් මෙරටට ලබාදුන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක මුදලක් කිසිදු සංවර්ධන ක්‍රියාවකට යොදවා නොමැති බවත්, එම මුදලින් සිදුකර ඇත්තේ ණය ගෙවීම පමණක් බවයි ඔවුන් සඳහන් කර සිටියේ.

(Neth)