Tuesday, July 08, 2025
Follow Us
යුක්‍රේන ජනපති මුහුණට මුහුණ සාකච්ඡාවකට අවස්ථාව ඉල්ලයි

එකම විසදුම එවැනි සාකච්ඡාවක්


රුසියානු ජනාධිපතිවරයා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබාදෙන ලෙස යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබේ.

යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම යුද්ධය අවසන් කිරිම සදහා අවශ්‍ය එකම විසදුම එවැනි සාකච්ඡාවක් පමණක් බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා සදහන් කළේ තමන් රුසියාවට ප්‍රහාර එල්ල නොකරන බවත් තම භුමියෙන් ඉවත් වන ලෙසත් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.

මේ අතර රුසියානු සහ යුක්‍රේන නියෝජිතයින් අතර ඊයේ පැවැති සාකච්ඡාවකදි සිවිල් වැසියන් සදහා ආරක්ෂක මානුෂිය කොරිඩෝවක් සකස් කිරිමට දෙපාර්ශවය එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.

(Aruna)