Tuesday, January 13, 2026
Follow Us
මියන්මාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ලාංකිකයින් 7කට නිදහස

දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් ලැබුනු සමාව


මියන්මාරයේ සිර භාරයට ලක්ව සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකුට මියන්මාර රජය සමාව ලබා දී තිබේ.

මියන්මාර් එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් මානුෂීය හේතුන් මත මෙලෙස ඔවුන්ට සමාව ලබාදී ඇත.

එමෙන්ම ශ්‍රීලංකාව සහ මියන්මාරය අතර ඇති සුහද ද්වි පාර්ශවික සම්බන්ධතා ද ඔවුන් නිදහස් කිරීමට හේතු සාධක විය.

මියන්මාර මුහුදු සීමාවට ඇතුළු වීමේ චෝදනා මත අදාළ ලාංකික ධීවරයන් 7 දෙනා රැගත් තුෂාන් පුතා යාත්‍රාව මියන්මාර අත්අඩංගුවට පත් වූයේ, පසුගිය 2021 වසරේදීය.
අත්අඩංගුවට පත් යාත්‍රාවේ නායකයාට වසර 7 ක සිර දඬුවමක් නියම වූ අතර කාර්ය මණ්ඩලයට නියම වූ සිර දඬුවම් කාලය වසර 5කි.

(Aruna)