Tuesday, January 13, 2026
Follow Us
සුඛෝපභෝගී මෝටර් රථ 4000ක් මුහුද යටට

අසොරෙස් දුපත් ආසන්නයේ වාහන වලට සිදු වූ දේ


අති සුඛෝපභෝගී මෝටර් රථ 4,000ක් පමණ ප්‍රවාහනය කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වී තිබේ.

“ෆෙලිසිටි ඒස්” නම් එම නෞකාවේ පෝර්ශේ සහ බෙන්ට්ලි සුඛෝපභෝගී මෝටර් රථ තිබූ බව සඳහන් වෙයි.

පෘතුගීසිය ආසන්නයේ පිහිටි අසොරෙස් දුපත් සමූහය ආසන්නයේ එම නෞකාව මීට සති දෙකකට පමණ පෙර ගිනි ගැනීමකට ලක්විය.

එම නෞකාව ජර්මනියේ එම්ඩන් වරායේ සිට අමෙරිකා එක්සත් ජනපදය දක්වා ගමන්කරමින් තිබියදී අනතුරට පත්විය.

මේ වනවිට නෞකාව අත්ලාන්තික් සාගරයේ මීටර් 3500ක් පමණ පතුළේ රැඳී ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

වොක්ස්වැගන් සමාගම උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ තම මෝටර් රථ සඳහා ඩොලර් මිලියන 155ක රක්ෂණ ආවරණයක් ඇති බවය.

බෙන්ට්ලි සමාගමේ මෝටර් රථ 189ක් සහ පෝර්ශේ මෝටර් රථ 1,100ක් එහි තිබූ බව වාර්තා විය.

මෙම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබුණි.

(Aruna)