Tuesday, January 13, 2026
Follow Us
අමෙරිකානු අහසත් රුසියාවට තහනම්

අමෙරිකාව රුසියාව ගැන දැඩි තීරණයක් ගනී


රුසියානු ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය තහනම් කිරිමට අමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරි පැය 24ක කාලය තුළ රුසියානු ගුවන් යානා සඳහා අමෙරිකානු ගුවන් කාලය තහනම් කිරීමේ නියෝගය නිකුත් කරනු ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

රුසියාවේ සිට අමෙරිකාව වෙත පැමිණෙන ඇතැම් ගුවන් ගමන් දැනටමත් තහනම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

යුරෝපය සහ කැනඩාව දැනටත් රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට පැමිණිම තහනම් කර තිබේ.

(Aruna)