Tuesday, January 13, 2026
Follow Us
පුටීන් තීරණයක් ගනී

රුසියානු නාවුක යාත්‍රාවලටත් තහනමක්


රුසියාවට එරෙහිව මේ වන විට ලොව රටවල් රැසක් සම්බාධක පනවමින් සිටී.

ඒ අනුව එක්සත් රාජධානිය රුසියානු නාවුක යාත්‍රාවන්ට සිය වරාය වෙත පැමිණීම තහනම් කර ඇත.

එම තීරණය ඊයේ (28) දිනයේ ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර කැනඩාව රුසියාවෙන් ආනයනය කරන සියලු බොරතෙල් නවතා දැමීමට ද තීරණය කර තිබේ.
කැනඩාව වාර්ෂිකව රුසියාවෙන් මිලදී ගන්නා බොරතෙල්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 550කි.

ඉදිරියේදී රුසියාව දැඩි ආර්ථික අවදානමක තිබෙන බැවින්, රුසියානුවන්ට මුදල් විදේශගත කිරීම තහනම් කිරීමට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් ඊයේ (28) නියෝග කර තිබේ.

(Aruna)