Wednesday, January 14, 2026
Follow Us
කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය ලංකාවට

කුරුඳු වලින් මෙරටට ලැබෙන දේ


කුරුඳු සඳහා මෙරටට බුද්ධිමය දේපොළ අයිතිය ලැබී ඇතැයිද, ඊට අදාළ භූගෝලීය දර්ශකය ලබා ගත් බව උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසීය.

ගම්මිරිස් සහ මෙරට වැවෙන අන්නාසි සඳහා “කොළොන්න ගම්මිරිස්’’, “සිලෝන් ගෝල්ඩන් අන්නාසි’’ යන භූගෝලීය දර්ශකද ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බව ඇමැතිවරයා කීවේය.

මෙරටට වැඩි වශයෙන් ඩොලර් ලැබීමට මෙම භූගෝලීය දර්ශකය සාධකයක් වන බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි අරමුදලේ තාක්ෂණික සහ මූල්‍ය ආධාර මත කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වගා කර තිබෙන රන් පැහැති මෙරටට අනන්‍ය වූ අන්නාසි “සිලෝන් ගෝල්ඩන් අන්නාසි’’ ලෙසද, කොළොන්න, වැළිගෙපොළ, ඇඹිලිපිටිය, ගොඩකවෙල සහ කටුවන ප්‍රදේශවල වැවෙන “කොළොන්න ගම්මිරිස්’’ සඳහා බුද්ධිමය දේපොළ අයිතිය ලබා ගැනීමට කටයුතු කෙරේ.

(Aruna)