Wednesday, January 14, 2026
Follow Us
ජිනීවා සමුළුව අද ඇරඹෙයි. ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව තුන්වෙනිදා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අද (28) ආරම්භ වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වන එම සමුළුව අප්‍රේල් පළමුවෙනිදා දක්වා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද වාර්තාව මාර්තු 03 වනදා සභාගත කිරීමට නියමිත අතර ඒ සම්බන්ධ විවාදයක් ද එදිනම පැවැත්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සමුළුවට සහභාගී වෙයි.

(LNW)