Wednesday, July 09, 2025
Follow Us
ඇමරිකානු හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරුන් පත්වීම ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් ජුලී ජේ. චුන්ග් මැතිනිය ඇමරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ලදී. එතුමිය 2022 වර්ෂයේ පෙබරවාරි 25 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 4.00 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඛලීඩ් නසර් අල්අමේරි මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පත් කරන ලදී. එතුමා 2022 වර්ෂයේ පෙබරවාරි 25 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 4.00 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

 

විදේශ අමාත්‍යාංශය
කොළඹ
2022 පෙබරවාරි 25 වැනි දින